fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ අද ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 09:27

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ අද ඇරඹේ

කෘෂි කර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් වැව් දහසක් – ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ අද ආරම්භ වනවා. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අපි වවලයි – අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 18 න් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි.

රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත්කරමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙළ නිකවැරටිය , මහගිරිඋල්ල , ගල්කඩවල වැව්තාවුල්ලෙන් ආරම්භ කෙරෙනවා. මෙම වසර තුළ වැව් දහසක් සහ ඒ ආශ්‍රිතව ඇති ගම්මාන දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. දැනට ඇති සංඛ්‍යාලේඛන වලට අනුව රට තුළ ඇති සුලු වාරිමාර්ග යෝජනා ක්‍රම සංඛ්‍යාව 37928 ක්. ඉන් 12500 ක් ප්‍රතිසංස්කරණය සදහා යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. මේ වනවිට අතහැර දමා ඇති වැව් සංඛ්‍යාව 2055 ක් ලෙස ගණනය කර ඇති අතර අමුණු 1578 ක් ද අතහැර දමා ඇති බව වාර්තා වනවා. මෙම අතහැර දමා ඇති වැව් අමුණු සියල්ල ඉදිරි වසර තුන තුළ ප්‍රතිසංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන නවදහසක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්