තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා දෙදින නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තායිලන්ත සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබුණේ.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සංචාරයේ අරමුණයි. නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.