පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් නමින් ඇති සියලු ව්‍යාපාරවලට නිකුත් කර තිබෙන සිම්පත් හා ඔහුගේ නමින් ඇති ජංගම දුරකථනවලට ඇතුළත් කර ඇති සිම්පත්වලට අදාළ දුරකථන විස්තර වාර්තා රහස් පොලීසියට ලබා දෙන ලෙස අධිකරණය අදාළ දුරකථන සමාගම්වලට අද නියෝග කළා. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හරිප්‍රියා ගුණසේකර මෙනවිය කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.
සිද්ධියට අදාළව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ සර්වරයේ හා පර්පෙචුවල් සමාගමේ සර්වරයේ ඇති සියලු දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ නීතිඥවරුන් කියා සිටියා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.