මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවති මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනට එක්වෙමින්.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එක්ව දීප ව්‍යාප්තව මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ක්‍රියාවට නංවනවා. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී අද (11) පැවැත්වුණේ එහි සමාරම්භක වැඩසටහනයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන හා බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු, තීරණ නිසි කලට ගත යුතු බවයි.
ජනාධිපති,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=f59v59PnrA8&feature=youtu.be”]
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප්රදානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා සිදු කළා. ගම හදාගමු ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග්‍රාම සේවා වසම් එක්දහස් එකසිය අසූඅටක නියෝජිතයින් හයදහසකට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම උත්සව සභාව අමතමින් මැතිඇමතිවරුන් ද අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ilvNAGSOFss&feature=youtu.be”]