ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දීර්ඝ කාලයක් සේවය කළ රියදුරු ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා. නොයෙල් සින්ට්රොන් වන මොහු වසර 25 ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහුට පැය තුන්දහස් තුන්සියයක් සඳහා අතිකාල දීමනාවක් නොගෙවීම හේතුවෙනුයි ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ.
තව ද ඔහු පවසන්නේ වසර 15 ක් තුළ දෙවරක් පමණක් ගෙවීම් වැඩි කළ බවයි. ඔහු සතියකට පැය 55 ක් සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.