රාජාංගන ජලාශයේ බැක්ටීරියාවක් ව්‍යාප්තවීම හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා.
රාජාංගණය ජලාශයේ ඉවුරු ආසන්නයේ ඇති ජලය තද කොළ පැහැ ගැන් වී ඇති අතර මේ දිනවල එම ජලයේ දැඩි දුර්ගන්ධයක් ද පවතිනවා. මේ පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය දුමින්ද දිසානායක, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එස් මෝහන රාජා, අනුරාධපුර වාරිමාර්ග අධ්යක්ෂ ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන් ජලාශය ආශ්රිත ප්‍රදේශයේ සංචාරයක නිතර වුණා.
වැව් ඉවුරු අසල දීර්ඝ කාලයක් ජලය රැදී පැවතීම හේතුවෙන් බැක්ටීරියා වර්ධනයක් සිදු වී මෙලෙස ඉවුරු අසල ජලය කොළ පැහැ ගැන්වී ඇති බවට සැක කරන බවයි නිලධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. ගොවිබිම්වලට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය ජලාශයට මුසු වී දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් ද මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැකි බව එම නිලධාරීන් පෙන්වා දුන්නා. ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කැදවා ජලාශයේ ජලය පිළිබද පරීක්ෂා කරන ලෙසත් මෙම තත්ත්වය වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/36868185_1029907100498750_6430120612584226816_n.jpg”]