චීනයේ නැගෙනහිර ප්රදේශයට බලපා ඇති මරියා සුළි කුණාටුව හේතුවෙන් එම ප්රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ෆුජියාන් පළාතටයි. නැගෙනහිර චීනයේ පාසල් ද වසා දමා තිබෙනවා. සුළි කුණාටුවත් සමග මුහුදු රළ මීටර් 10 ක් පමණ ඉහළ ගොස් ඇති අතර වෙරළාසන්නයේ ඉදිකරමින් තිබූ අධිවේගී මාර්ගයක් ද විනාශ වී තිබෙනවා.
නැගෙනහිර චීනයේ දසදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් කටයුතු කළා. මරියා සුළි කුණාටුව තවදුරටත් වර්ධනය විය හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/ccfe7f70988948a89f20db6545bb86da.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/d1ebe87f-554b-43f4-8bad-8706e05e79ac_0.jpg”]