ද්විපාර්ශවික සම්බන්ධතා ඉහළ නැංවීමට ඉන්දියාව සහ දකුණු කොරියාව එකඟ වුණා. ඒ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවේ දී. 2030 වසර වනවිට වෙළඳ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන පනහ දක්වා ඉහළ නැංවීමයි අපේක්ෂාව. මේ වනවිට දෙරට අතර වෙළඳ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන විස්සක් පමණයි.