හුණුපිටිය නාහේන ප්රදේශයේ ත්රි රෝද රථ රියදුරා ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුගේ බිරිඳ සහ ඇය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට යොදාගත් පිහිය සොයා ගැනීමට හැකිවුණා. සැකකරුවන් අද (11) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.