දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ ආරම්භ වනවා.ඊට සහභාගී වීම සදහා දකුණු ආසියා රටවල් කිහිපයක කතානායකවරුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්රියේදී දිවයිනට පැමිණියා.
භූතාන, ඇෆ්ගනිස්ථාන, ඉන්දීය සහ නේපාල කතානායකවරුන් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. තවත් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. දකුණු ආසියා කතානායකවරුන් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.