fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ට එරෙහි නඩු විභාගය කල්යයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:20

නාමල්ට එරෙහි නඩු විභාගය කල්යයි

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක්, ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු 6 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන 31 වනදා තෙක් කල් තැබුණා. ඒ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද විභාගයට ගැණුනු අවස්ථාවේයි. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතා අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙනුයි නඩුව කල් තැබුණේ. නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සෙනානි යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. දිගින් දිගටම අධිකරණය මගහැර සිටින ඉන්දික කරුණෑජීව යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා මීට පෙර විවෘත වරෙන්තු නිකුත් කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්