දකුණු කොරියා ජනාධිපති මූන් ජේ යින් ඉන්දියාවේ සංචාරයකට එක්ව තිබෙනවා.ඔහු ඉන්දියාවේ දින 4ක සංචාරයක් සිදු කිරීමට නියමිතයි.
නව දිල්ලියේ පිහිටි ජනාධිපති මන්දිරයේ දී ඔහුව මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. ඒ ඔවුන් අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහායි. තවද මෙම සංචාරයේ දී ඉන්දියාවේ පුරාණ ස්ථාන සහ ආගමික ස්ථාන නැරඹීමට ඔවුන් එක් වුණා.