මේ දවස්වල මුළු ලෝකයම “FIFA”උන්මාදයෙන් සිටින බව අපි දන්නවා.අපේ රටේ ජාතික පාපන්දු කණ්ඩායමක් “FIFA” ලෝක කුසලාන තරඟාවලියට තරඟ නොකළත් ශ්රී ලාංකිකයොත් “FIFA” ගැන හරි හරියට උනන්දු වන බව නම් පෙනෙනවා.පාපන්දු ක්රීඩාව ගැන බොහෝ පොත පත චිත්රපට ඇතුළු කලාත්මක අංග ලියවිලා තිබෙනවා.ඒ අතර ලොව පුරා ක්රීඩා ලෝලීන් ආදරයෙන් වැළඳ ගන්නා පාපන්දු නිල ගීතය ගැනයි අද කතාව.
ලෝක පාපන්දු කුසලානය ඇරඹෙන්නේ 1904 වසරේදීයි.1962 වසරේදී ඊට නිළ ගීයක් එක් වෙනවා.මුල් ම නිල ගීය ගයන්නේ “Los Ramblers” සංගීත කණ්ඩායමයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/84bf1b68d74bdbd8f8684c74a968233c-3.jpg”]
පාපන්දු නිළ ගීය බොහෝ විට භාෂා කිහිපයකින් ගැයෙනවා.ඉංග්රීසි, ස්පාඤ්ඤ හා අදාළ සත්කාරක රටේ භාෂාව ඊට යොදා ගැනීම සම්ප්රදායක් වී තිබෙනවා.ඒ වගේ ම පාපන්දු රටවල් අදාළ වසරේදී තම තමන්ගේ භාෂාවන්ගෙන් ගී නිර්මාණය කරනවා.පාපන්දු නිල ගීතය හැරුණු විට තවත් ගීත කිහිපයක් ම “FIFA” එක්ක සමීපයි.ඒ අතර කොකාකෝලා ප්රචාරණයට නිපදවෙන ගීත ද වනවා. කොලොම්බියානු ගායක Maluma සහ Jason Derulo ගයන 2018 “FIFA” කොකාකෝලා ගීය “COLORS ” ලෙස නම් කර තිබෙනවා.එම ගීය ඉංග්රීසි , ස්පාඤ්ඤ හා උර්දු භාෂාවන්ගෙන් නිර්මාණය වී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JWKJ285bYW4″]
2018 ලෝක පාපන්දු නිළ ගීය නිෂ්පාදනය කරන්නේ සුප්රකට SONY සමාගමයි.මේ ගීයට මෙවර විල් ස්මිත්, නිකි ජෑම් සමඟින් ඊරා ඉස්ට්රෙෆි ගායනයෙන් එක් වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/wrhxhmvabqie0sams2jo.jpg”]
විල් ස්මිත් කියන්නේ ගායනයට විතරක් නෙවෙයි රංගනය, ගීත රචනය,චිත්රපට නිෂ්පාදනය තුළිනුත් නමක් දිනා ගත් පුද්ගලයෙක්. “Golden Globe”, “Academy Awards” වැනි සම්මාන සඳහා නිර්දේශ වූ සම්මානලාභියෙක්.ඉතින් විල් ස්මිත් මෙවර “FIFA” තේමා ගීතයට එක් වෙන්න තමන් ට ලැබුණ අවස්ථාව ගැන කිව්වේ“මුළු ලෝකයම එකට නටනවා දැකීම මගේ ආශාවයි” කියලා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/WILL.jpg”]
නිකි ජෑම් ද මෙවර තේමා ගීයට සංගීතයෙන් දායක වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/C1ozeFbeA2S._SL1000_.jpg”]
ඊරා ඉස්ට්රෙෆි කියන්නේ 2014 “FIFA” නිල තේමා ගීය ගැයූ ශකිරා වගේ ම අවධානයට ලක් වූ චරිතයක්.24 හැවිරිදි ඊරාඇල්බේනියානු හා ඉංග්රීසි බසින් ගී ගයන ශිල්පිනියක්.2016 වසරේ ඇය ගැයූ බොන් බොන් ගීය ලෝකය පුරා මහත් ජනප්රියත්වයට පත් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/era-istrefi-mtv-interview.jpg”]
කොහොම වුණකත් ලෝකයේ රටවල් 32ක් පාපන්දුවක් එක්ක ක්රීඩා කරන ලෝක පාපන්දු තරඟාවලිය මිලියන 715ක ජනතාවක් නරඹනවා.සෑම වසරකම එළි දකින මේ නිළ තේමා ගීතය සුවිශේෂී බවක් ගන්නවා.
2018 වසරේ නිළ තේමා ගීය පහතින්…