fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගන ජලාශයේ බැක්ටීරියාවක් හේතුවෙන් පරිසර විනාශයක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:32

රාජාංගන ජලාශයේ බැක්ටීරියාවක් හේතුවෙන් පරිසර විනාශයක්

රාජාංගන ජලාශයේ බැක්ටීරියාවක් ව්‍යාප්ත වීම හේතුවෙන් පරිසර විනාශයක් සිදු වෙමින් පවතින බව අපට වාර්තා වනවා. රාජාංගන ජලාශයේ ඉහළ කොටසේ වැව් රක්ෂිතය ආශ්‍රිතව කලක පටන් අනවසර වගා බිම් සිදුකරගෙන යන බව ප්‍රදේශවාසීන් පවසනවා. එම වගාබිම්වලට යොදන පොහොර හේතුවෙන් වැව මතුපිට බැක්ටීරියාව ව්‍යාප්ත වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත වැලිඅංග මහතා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ජලාශයේ එක් කොටසක ජලය කොළ පැහැ ගැන්වී තිබෙනවා. එම කොටසේ ජලජ ජීවීන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුළඟේ දිශානතිය අනුව බැක්ටීරියාව ජලාශය පුරාම ව්‍යාප්ත විය හැකි බවද වසන්ත වැලිඅංග මහතා පෙන්වා දෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත වැලිඅංග

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්