fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලේ පවතින මිලට වඩා 5000ක් අඩුවෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 13:08

වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලේ පවතින මිලට වඩා 5000ක් අඩුවෙන්

ලබන මාසයේ සිට වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලේ පවතින මිලට වඩා රුපියල් පන්දහසක් අඩුවෙන් ලබා දෙන බව ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කෙරුණා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනතාවට අඩු මිලට වැලි ලබා දීමේ කටයුතු ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ දිස්ත්‍රික් කාර්යාලය මගින් ආරම්භ කිරීමට නියමිතයි. අදාල සාකච්ඡාවෙන් අනතුරුව කාර්යාංශ භූමියේ වැලි තොග ගබඩා කළ ස්ථානය නිරීක්ෂණයට ද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සභාපතිවරයා එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්