fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බටහිර ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 12:29

බටහිර ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දශක 3 කට වැඩි කාලයකට පසුවයි මෙලෙස වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ.

අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් මිලියන 2 ක ජනතාවක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක අතර කාලගුණ අංශ සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය පහව යනු ඇති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය විදෙස් සංචාර ද අවලංගු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්