තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචාන් මහතා ගුහාවේ සිරවී සිටි ළමුන්ගේ දෙමව්පියන් හමු වුණා. සියලු දෙනා බේරා ගැනීම සඳහා අවශ්‍ය සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ වන විට රෝහල්ගතව සිටින ළමුන් අටදෙනාගේ සුවදුක් විමසීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
පැය 11 ක මෙභෙයුමකින් අනතුරුව පළමු හතර දෙනා බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වලට හැකිවුණා. දෙවන කණ්ඩායම බේරා ගැනීම සඳහා ගතවී තිබෙන්නෙ පැය නවයක් පමණයි. තවමත් ගුහාවේ රැඳී සිටින පස් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි මෙභෙයුම් කණ්ඩායමට එක්වූ වෛද්‍යවරුන් සදහන් කළේ. රටවල් රැසක නායකයන් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට අයත්. තායිලන්තයට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නෙ.