ස්ථානීය රථ වාහන වැරදි සංඛ්‍යාව 33 දක්වා වැඩි කර ඇති බව රථ වාහන පොලිසිය පවසනවා. මීට පෙර දක්වා තිබුණේ වැරදි 23ක් පමණයි.මේ අතර රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල ද ලබන 15 වනදා සිට වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මාර්ග වැරදි සඳහා රුපියල් 500ක් වන දඩ මුදල රුපියල් 1000 දක්වා වැඩි වනු ඇති. දඩ මුදල් ගෙවීම සඳහා ලබා දී තිබූ දින 14ක කාලය දින 28 දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කෙරුණා. කෙසේ වෙතත දඩ මුදල දෙගුණයකින් වැඩිකර තිබෙනවා.