බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පිනියන් අතුරින් පළමු සුපිරි තරුව ශ්‍රී දේවි ගේ රංගනයන් ඇතුළත් චිත්‍රපට කිහිපයක් යළි ප්‍රතිනිර්මාණය කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වන බව සඳහන්.
මීට පෙර ශ්‍රීදේවිගේ චරිත කතාව සිනමාවට නැගෙනු ඇති බවට මත පළ වුණා.
කෙසේ නමුත් ශ්‍රීදේවිගේ රංගනය සහිත සිනමා නිර්මාණ අතර වන හාස්‍යමය සිනමා නිර්මාණයක් වූ Chaalbaaz ඒ අතරින් පළමුවෙන් නිර්මාණය කෙරෙනු ඇති බවත් සඳහන්.ෆාරා ඛාන් විසින් එය අධ්‍යක්ෂණය කරන්නට නියමිතයි .
සුවිශේෂම කරුණ නම් මෙහි ශ්‍රී දේවි නිරූපණය කළ ද්විත්ව චරිත වන අංජු සහ මංජුහට පණ පොවන්නේ කවුරුන් ද යන්නයි.එම අවස්ථාව මේ වන විට බොලිවුඩ් නිළියන් අතරේ ඉදිරියෙන් සිටින දීපිකා පදුකෝන්හට හිමි වන බවයි පැවසෙන්නේ.
1989 වසරේ තිරගත කෙරුණු Chaalbaaz චිත්‍රපටයට එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ පස්වැනි ස්ථානය හිමි වෙනවා. පන්කජ් පරේෂර් අධ්‍යක්ෂණය කළ මෙහිශ්රී දේවි සමඟින් කොලිවුඩයේ සුපිරි තරුව රජිනිකාන්ත්, සනී ඩියෝල්, අනුපම් ඛේර්, ශක්ති කපූර් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.