තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක සිරවී සිටින අවසන් දරුවන් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද සිදු කෙරෙනවා.ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොද මට්ටමක පවතින බවයි එරට හමුදා අංශ පවසන්නේ.
එම ප්‍රදේශයට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් ඔවුන් මුදාගැනීමේ කටයුතු අසීරු විය හැකි බවට නාවික අංශ අනතුරු අඟවනවා. ඒ හේතුවෙන් ඔවුන් අද දිනයේදී කඩිනමින් මුදාගැනීමට කටයුතු කෙරෙනවා. ඊයේ වන විට කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව දරුවන් 08 දෙනෙකු මුදාගැනීමට හැකි වුණා. ඔවුන් මෙලෙස ගුහාවක අතරමං වුණේ පසුගිය ජූනි 23 වනදායි. පසුගිය දින කිහිපයේදී කළ මෙහෙයුම්වලින් සාර්ථක ප්‍රතිඵල අත් වූ බවයි හමුදා අංශ පවසන්නේ.