fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පෙරළියට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 18:44

ගම්පෙරළියට සියල්ල සූදානම්

මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් අරඹමින් ගම්පෙරලිය ජාතික සංවර්ධන ව්‍යාපෘතිය නිකවැරටිය, රස්නායකපුර, මුඩත්තව ග්‍රාමයෙන් ලබන 15 වනදා ආරම්භ වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගම්පෙරලිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුඩත්තව ගමේ, වැව ප්‍රතිසංස්කරණය කිරීම එදින ඇරඹෙනු ඇති. මේ වන විට වැවේ බැම්ම කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයට ඉන් එල්ල වී ඇත්තේ බරපතල අභියෝගයක්. 1933 වසරේ දී ඉදිකළ මෙම වැව මෙතෙක් කිසිඳු විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක්වී නැහැ. වැව අක්කර 87ක වපසරියකින් යුක්තයි. ඉන් පෝෂණය වන ඉඩම් ප්‍රමාණය අක්කර 117ක්. ගොවි පවුල් 105කට පමණ ඉන් සෙත සැළසෙනවා. වැවේ සොරොව් පද්ධතිය ද අබලන් තත්ත්වයේ ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වැව ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශයේ කුඹුරු ඉඩම් රැසක් පුරන් වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්