මෑන් බුකර් සම්මානයේ පනස්වන සංවත්සරය නිමිත්තෙන් “ස්වර්ණමය මෑන් බුකර් සම්මානය” පිරි නැමීම ඊයේ සිදු වුණා.
මෑන් බුකර් සම්මානය දිනාගත් ග්රන්ථ අතුරින් හොඳම කෘතියටයි මෙලෙස “ස්වර්ණමය මෑන් බුකර් සම්මානය” පිරිනැමුණේ.
මෙහිදී සම්මානය දිනාගත් කෘතිය වූයේ මයිකල් ඔන්ඩච්චිගේ “ද ඉන්ග්ලිෂ් පේෂන්ට්” නවකතාවයි.
සෑම දශකයකට ම අදාළ ව එක් කෘතිය බැගින් තෝරා එම කෘතීන් අතරින් නැවතත් හොඳම කෘතිය තෝරාගැනීම මෙහි ක්රමවේදයයි.
ඒ අනුව විනිශ්චයකරුවන් පස් දෙනෙකු එක් එක් දශකයේ හොඳම කෘතිය තෝරා ගත් අතර විවෘත ඡන්දයකින් අවසන් තෝරාගැනීම සිදු කෙරුණා.
තමා මෙම සම්මානය ලැබීම පිළිබඳ පුදුමයට පත් වන බව කියා සිටි මයිනල් ඔන්ඩච්චි මහතා එය ඇසුරින් කළ චිත්රපටය අධ්යක්ෂණය කළ ඇන්තනි මින්ගෙල්ලාවද සිහිපත් කළා.
“ඉන්ග්ලිෂ් පේෂන්ට්” කෘතිය බුකර් සම්මානය දිනා ගත්තේ 1992 දීයි.