ජෝන් ටාබට් මලල ක්රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ බස්නාහිර හා දකුණු පළාත් තරගාවලිය හංවැල්ල රාජසිංහ විදුහල් ක්රීඩා පිටියේදී පැවැත්වුණා. තරගාවලිය සඳහා වයස් කාණ්ඩ හතරක් යටතේ පාසල් 400ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 6000 ක් එක්ව සිටියා.
දින 03 ක් පුරා ඉසව් 64 කින් තරග පැවැත්වුණා. එහිදී එක් ඉසව්වක් සඳහා දසදෙනෙකු බැගින් ක්රීඩක ක්රීඩිකාවන් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. මෙවර ජෝන් ටාබට් මලල ක්රීඩා තරගාවලිය සඳහා ඉහළ සහභාගීත්වයක් අපේක්ෂා කරන බවයි ක්රීඩා විචාරකයන් පවසන්නේ.