එල්ලේ පිරිමි ශූරතාව වයඹ පළාතට
Related Articles
44 වන ජාතික මහා ක්රීඩා උළෙලේ එල්ලේ තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව වයඹ පළාත දිනාගත්තා. එහි කාන්තා ශුරතාව දිනාගත්තේ බස්නාහිර පළාතයි. පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩාම් රැසක් සහභාගී වූ එල්ලේ තරගාවලිය කුලියාපිටිය ක්රීඩාංගන දෙකකදී පැවැත්වුණා. එහි පිරිමි අංශයේ අවසන් මහා තරගයෙන් වයඹ පළාත ශුරතාව දිනාගත්තේ බස්නාහිර පළාත් කණ්ඩායම අනුශූරයින් බවට පත් කරමින්.
තරගාවලියේ දක්ෂතම ක්රීඩාකයා ලෙස වයඹ පළාත නියෝජනය කළ සදුන් හංසජිත් සම්මාන දිනාගත්තා. කාන්තා තරගාවලියේ ශුරතාව දිනාගත්තේ බස්නාහිර පළාත් කණ්ඩායමයි. වයඹ පළාත එහි අනුශූරියන් බවට පත් වුණා. බස්නාහිර පළාත් කණ්ඩායමේ ඩී සී අබේසේකර ක්රීඩිකාව තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා.