ලිතුවේනියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සුහද පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. දෙරට අතර තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවත්වුණා. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 126 වන ස්ථානයේ පසුවනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර රැදී සිටින්නේ 200 වන ස්ථානයේයී. කෙසේ වෙතත් මෙම තරගයට එක් වූයේ ලිතුවේනියා දෙවන පෙළ කණ්ඩායමයි. මෙම තරගය මුලසිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වූයේ නැහැ. මේ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.