සිංගප්පූරුවේදී ආරම්භ වූ ජගත් පුරවර සමුළුවේ සමාරම්භක සැසියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වුවා. නාගරික සංවර්ධනය හා පරිසරය සුරැකීම මැයෙනුයි එම දේශනය පැවැත්වුණේ.
නවෝත්පාදන හා සහයෝගීතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම යන තේමාවෙන් මෙවර ජගත් පුරවර සමුළුව පැවැත්වෙනවා. සිංගප්පූරුවේ දී පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය ගෝ චොක් ටොන් යන මහත්වරුන් ඇතුලු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග අග්‍රාමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කරනු ඇති. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පූරු සංචාරයට එක්ව සිටිනවා.