fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රියානි ජයසිංහ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 10:40

ප්‍රියානි ජයසිංහ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ පානදුර ,අරුග්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. පවුල් ආරවුලක් මත ඇගේ සැමියා මෙම  ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙනවා. ඔහුට නිවසට පැමිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබූ බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වන විට ප්‍රියානි ජයසිංහ මහත්මිය පනස් තුන්වන වියේ පසුවුණා. ඇය දෙදරු මවක්ද වනවා. කදුල නිවන්නම් ගීතය තුළින්  වඩාත් ජනප්‍රියත්වයට පත් ප්‍රියාණි ජයසිංහ මහත්මිය  අත්තන මල් සුවදට, මේ ප්‍රේමයේ හොරා නුඹයි, අලුත් සද ඇවිත් අහසට, ආදී ගීත රැසක් ගායනා කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්