මාරාන්තික එච්අයිවී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.හාඩර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එන්නත සොයාගැනීමට සමත් වුණා.
ඉම්බොකොඩෝ නමින් නම් කර ඇති මෙම එන්නත තවමත් පර්යේශණ මට්ටමේ පවතින්නක්. වදුරන් යොදාගනිමින් සිදු කළ පරික්ෂණයකදී වදුරන් තුනෙන් දෙකකට එච්අයිවී වෛරසය පරාජය කිරීමට හැකි වී තිබෙනවා. එච්අයිවී ආසාදිත කාන්තාවන් 2600 කට එන්නත ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵල වසර 2021 දී දැක ගත හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. ලොව පුරා එච්අයිවී ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 37 ක්.