වත්මන් ආණ්ඩුව 2015 වසරේ බලයට පත්වන විට මෙරට වකුගඩු රෝග ව්‍යාප්තිය ඉස්මත්තට පැමිණ තිබුණා. ප්‍රතිකාර සඳහා යන අධික වියදම දරාගැනීමට නොහැකිව බොහෝ රෝගීන් පසුවූයේ සියදිවි නසාගන්නා තත්ත්වයකයි. එය වෙනස් කර වකුගඩු රෝගීන් වෙනුවෙන් කඩිනම් සහන සලසමින්, දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ඉදිකිරීමට රජය පියවර ගත්තේ නිරෝගී පරපුරකට රටේ අනාගතය භාරකිරීමේ වගකීම උරමත දරාගනිමින්.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිවන පොළෙන්නරුව ජාතික වෘක්කවේද විශේෂ රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුකරමින් පවතිනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 ක්. වකුගඩු රෝගීන් බහුල වශයෙන් සිටින රජරටට පමණක් සීමා නොවී රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාගත හැකි ලෙස මෙම රෝහලේ පහසුකම් සකස්වීම කැපීපෙනෙන කරුණක්. ලොව නවීන පරීක්ෂණාගාර හා අධිතාක්ෂණික පහසුකම්වලින් මෙම රෝහල සමන්විත වනවා.
2020 ජූලි මාසය වනවිට මෙහි කටයුතු අවසන්වීමට නියමිත යි. ඇදන් 200ක්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර සියයක් හා නවීන තාක්ෂණයෙන් යුතු ශ්යලාගාර සංකීර්ණය විවෘත වීමෙන් පසුව වකුගඩු බද්ධකිරීමේ සැත්කම් කිරීමේ පහසුව ද මේ තුළ ඇතිවනවා. මේ හේතුවෙන් ලක්ෂ ගණනාවක් ගෙවා සැත්කම් කරගැනීමට නොහැකිව අසරණ වී සිටින රෝගීන් දහස් ගණනකට ජීවිත අපේක්ෂාව සපුරා ගන්නට අවස්ථාව හිමිවනවා. දැඩි සත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් ද මීට අයත්ව ඇත්තේ දහස් ගණනක් වන රෝගීන්ගේ යහපත වෙනුවෙන්. රුධිර කාන්දුකරණ, රසායනාගාර සේවා, සායනික සේවා එකම ස්ථානයකින් සපුරා ගතහැකිවීමත් සමඟ රෝගීන්ට තවදුරටත් පීඩාවට පත්වීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ.
තවත් රෝහලක් ඉදිවනවා යැයි පැවසීමට වඩා මෙරට අඳුරින් වැසීයාමට තිබූ ඉදිරි කාලපරිච්ඡේදයක් ආලෝකවත් කිරීමක් ලෙස පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂ රෝහල හැදින්වීම නිවැරදියි.
-පොහොසත් රටක්-