fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුකුළු මස් නිෂ්පාදනයට දිරි සවියෙන් අධි ශීතකරණ 15,000ක්

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 17:52

කුකුළු මස් නිෂ්පාදනයට දිරි සවියෙන් අධි ශීතකරණ 15,000ක්

ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහි කිරීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැවැන්ත ව්‍යාපෘතිය තුළ ග්‍රාමීය ජනතාව ස්වෝත්සාහයෙන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. පසුගිය අයවැය යෝජනා යථාවත් කරමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘති තුළින් අංශ ගණනාවක් ශක්තිමත් කෙරෙනවා. ණය යෝජනා ක්‍රම දහසයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ව්‍යවසායික පාරාදීසයක් බිහි කිරීමේ අරමුණින්.

ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ගුණාත්මක භාවයෙන් යුතු කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය සදහා ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් දිරි සවිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. කුකුළු මස් නිෂ්පාදනවල තොග හානි අවම කර ආදායම් මට්ටම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් අමතර අධිශීතකරණ පහළොස් දහසක් ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව මහාපරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ග්‍රාමීය සහ ප්‍රාදේශීය වශයෙන් අලෙවි කිරීමට සම්බන්ධවන ස්වයං රැකියා ලාභීන්, පහළොස් දහසක් සදහා අධිශීතකරණ ලබා දීමට නියමිතයි. ඒ වෙනුවෙන් රුපියල් පනස්දහසක  උපරිමයකට යටත්ව වසර හතරකින් ආපසු ගෙවිය හැකි පරිදී ණය ලබා දීම සිදු කෙරෙනවා. මෙම ණය සදහා කුකුළු මස් නිෂ්පාදකයින් දැරිය යුතු පොලී වියදම සම්පුර්ණයෙන්ම රජය ගෙවනු ලබනවා. එම පොලී මුදල් ගෙවීම  සදහා 2018 වසර සදහා රුපියල් මිලියන 75ක් වෙන්කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්