fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොක්සිං අවසන් තරග රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 15:36

බොක්සිං අවසන් තරග රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී

අන්තර් මධ්‍යම ආධුනික බොක්සිං තරගාවලියේ අවසන් තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමයයි තරගාවලිය සංවිධාන කළේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 146 දෙනෙකු ඒ සඳහා සහභාගි වුණා. ඒ බරපංති 10 ක් යටතේයි.

පේරාදෙණිය බොක්සිං ක්‍රීඩා සමාජයේ ටී ජී එච් එන් ජිනදාස තරගාවලියේ දක්‍ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා. දක්‍ෂතම පරාජිතයා සම්මානය දිනා ගත්තේ යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයේ එම් පී ජී එස් එන් කුමාරයි. දක්‍ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස මුලතිව් විද්‍යාලන් බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ ඒ ඩී අබේසේකර සම්මාන දිනා ගත්තා. දක්‍ෂතම පරාජිතයා සම්මානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොලිස් බොක්සිං ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව් එස් පී රත්නායකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 15:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්