fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Tik Tik Tik තුළින් ඉන්දියාව පළමුවරට අභ්‍යවකාශ පර්යේෂණයට

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:53

Tik Tik Tik තුළින් ඉන්දියාව පළමුවරට අභ්‍යවකාශ පර්යේෂණයට

මේ කියන්න හදන්නේ අමුතුම විදියේ චිත්‍රපටයක් ගැන.Tik Tik Tik දෙමළ සිනමාපටය ඉන්දීය සිනමාවේ නිර්මාණය වූ පළමු අභ්‍යවකාශ චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් වෙනවා.මේ කතාව ඇරඹෙන්නේ ඉන්දියාවේ චෙන්නායිවලට එල්ලවන ග්‍රාහක ප්‍රහාරයක් සමඟින්.වාසු නම් පුහුණු මැජික්කරුවකු හා විද්‍යාඥයන් පිරිසක් එක්ව කරන මෙහෙයුම පිළිබඳව කතාව මේ චිත්‍රපටයේ තේමාව වී තිබෙනවා.

ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Tik Tik Tik හි මැජික් සූරයා වන වාසුගේ චරිතයට පණ පොවන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සම්මානනීය නළුවකු වන ජෙයම් රවී විසින්. ඔහු සමඟින් නිවේතා පෙතූරාජ්, රමේෂ් තිලක් සහ සිංගප්පූරු ජාතික නළු ආරෝන් අසීස් ද රංගනයෙන් එක්වෙනවා.  26 හැවිරිදි නිවේතා පෙතූරාජ් සතු ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ පුහුණුව ඇයව තෝරා ගැනීමට  විශේෂ සුදුසුකමක් වී තිබෙනවා.

Tik Tik Tik චිත්‍රපටයේ මිනිත්තු 85ක් පමණ කාලයක් පුරා දිවෙන දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය වෙනුවෙන් මාස හයක පමණ කාලයක් වැයකර ඇති බව සඳහන්.    ඒ වගේ ම මෙහි සියලුම සජීවකරණ කටයුතු ඉන්දියාවේදිම සිදු කිරීම විශේෂත්වයක්.  Tik Tik Tik තිරරචනය  සෞන්දර් රාජන්ගේ විසින් සිදු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:53

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්