fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ බලපෑම් හෙලා දකින බව උ.කොරියාව පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 15:20

ඇමෙරිකාවේ බලපෑම් හෙලා දකින බව උ.කොරියාව පවසයි

ඇමෙරිකාව තම රටට ඒකපාර්ශවික අවිහරණයේ නිතරවන ලෙස සිදු කරන බලපෑම් හෙලා දකින බව උතුරු කොරියාව පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සමග පැවති  සාකච්ඡාවලින් අනතුරුව උතුරු කොරියා විදේශ අමාත්‍යාංශය මේ බව පවසා තිබෙනවා.

තම රටට න්‍යෂ්ටික අවිහරණය සිදු කරන ලෙසට ඇමෙරිකාව ප්‍රචණ්ඩව මැරයින් ලෙසින් බලකරන බවයි ඔවුන් පවසන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හා උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවති සාකච්ඡාවලදී එකගවූ කරුණුවලට වඩා බොහෝ දෑ ඇමෙරිකාව තම රටෙන් බලාපොරොත්තු වන බවයි ඔවුන් කියා සිටින්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්