fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රොඒෂියාව රුසියාවේ සිහිනය බොඳ කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:39

ක්‍රොඒෂියාව රුසියාවේ සිහිනය බොඳ කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ඊයේ (7) පැවති තරගයකින් සත්කාරක රුසියාව පරදවා ජය ලැබීමට ක්‍රොයේෂියා කණ්ඩායම සමත් වුණා. ඒ ගෝල හතරට තුනක් ලෙසයි. මෙම තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් ලබා සිටියා. ක්‍රොඒෂියාව ලබාගත් ගෝල දෙකම හිසෙන් පන්දුව දැල වෙත යොමු කරමින් ලබා ගත් ගෝල වීම කැපී පෙනුනා. තරගයේ ජයග්‍රහණය තීරණය වුණේ දඩුවම් පහර මගින්. ඒ අනුව ගෝල 04 ට 03 ක් ලෙස සත්කාරක රුසියාවේ පාපන්දු ලෝක කුසලාන සිහිනය බොද කිරීමට ක්‍රොඒෂියාව සමත්වුණා.

මේ අතර වසර   28 කට පසුව අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත්වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ  තෙවන තරගයෙන් ස්වීඩනය පරාජය කරමින්. තරගයේ තිස්වන විනාඩියේදී හා පනස් අටවන විනාඩියේදී ගෝල වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා. තරගය නිමාවන තුරුම ස්වීඩනයට ගෝලයක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව ගෝල 02 ට 0 ක් ලෙස ස්වීඩනය පරාජය කරමින් 1990ට  පසු පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර් ව තරගයකට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත්වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්