fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේරේ වැව බේරා ගන්න ගංගාරාමාධිපති පෙරමුණ ගනී

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 20:01

බේරේ වැව බේරා ගන්න ගංගාරාමාධිපති පෙරමුණ ගනී

බේරේ වැව  අපවිත්‍ර වීම සහ කැළිකසල එක්රැස්වීම ඉදිරියේ දී බරපතල ගැටලු මතුකරන බව හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ බේරේ වැව අවට කැලිකසල ඉවත් කිරීම සම්බන්ධයෙන් හුනුපිටිය ගංගාරාමයේ පැවති සාකච්ඡාවක් අතරතුරයි.

බේරේ වැව අවට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක් ඇති අතර එම ආයතන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් නෝ කුණු සංවිධානය මගින් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කර තිබුණා. මීට අමතරව බේරේ වැවට ගලා එන ඇළ මාර්ග ආසන්නයේ ඇති නිවාස හිමියන් ද දැනුවත් කිරීමට එම සංවිධානය පියවර ගත් බව එහි නිර්මාතෘ සුමී මුණසිංහ මහත්මිය සදහන් කළා. නාවික හමුදාව, කොළඹ මහා නගර සභාව, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති  නාගරික ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, වරාය අධිකාරිය, ජනාධිපති කාර්යාලය, බේරේ වැව අවට පිහිටි පෞද්ගලික ආයතනවල නිලධාරීන් රැසක් ද ගංගාරාමයේ පැවති සාකච්ඡාවට එක්ව සිටියා. එහිදී දැනට බේරේ වැව කසල ගැටලුවට තාවකාලික විසදුම් ලෙස ගතහැකි පියවර සම්බන්ධයෙන් පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ සියලු දෙනාගේ අවදානයට ලක්කළා.

පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ – විහාරාධිපති – හුනුපිටිය ගංගාරාමය,

බේරේ වැව අවට කැලිකසල ඉවත් කිරීම සදහා මෙම මස 21 වනදා පෙරවරුවේ එක්දින ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන්නේ නාවික හමුදාව, වරාය අධිකාරිය සහ කොළඹ මහා නගර සභාවේ මූලිකත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 20:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්