පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අල්ලස් හා දූෂණ චෝදනා 8 ක් එල්ල වී ඇති අතර හැකි නම් ඒ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අභියෝග කරනවා. පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවී පදනම් විරහිත චෝදනා එල්ල නොකර මෙසේ විවාදයකට එන ලෙසයි මාරසිංහ මහතා අලුත්ගමගේ මහතාට දැනුම් දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/cthd9ScUb2I”]
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පෙරේදා පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇතිවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iD_17qw0IJY”]
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම අභියෝගය භාර ගන්නේ නම් ඒ සඳහා රූපවාහිනී විවාදයකට අයිටිඑන් ඉඩ සලසා දීමට සූදානම්.