අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් සංවිධාන කර තිබූ ආපදාවට පෙර සූදානම වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අද (07) පෙරවරුවේ මල්වතු ඔය ජර්මන් පාලම අසලදීයී.
අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණේ ආපදා කළමනාකරන අමාත්‍යාංශය මගින්. රොන් මඩ පිරීම නිසා අවහිර වී තිබෙන මල්වතු ඔයේ රොන් මඩ ඉවත් කර ඔය පුළුල් කිරීමේ කටයුතු මේ අනුව සිදුකෙරෙනවා. එම කටයුතු සදහා ශ්‍රම දායකත්වය සපයන්නේ ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි.
ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගග දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇල වේලි ශුද්ධ පවිත්‍ර කිරිම, රොන් මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම් ඇතුළු ගංවතුර අවදානම අවම කිරිමේ වැඩසටහන් ආපදාවට පෙර සූදානම යටතේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/36739793_10156255781206327_5194484467422461952_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/36779318_10156255781121327_3237300237508804608_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/36747164_10156255781926327_2811941622999154688_o.jpg”]
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. උතුරු මැද පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 24 ක වියදමින් සියලු පහසුකම්වලින් සමන්විත මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/36739601_10156255716801327_2921314395415904256_o.jpg”]
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.
මේ අතර සත්බුදු වන්දනා පුෂ්පෝපහාර නමින් ජනාධිපතිතුමා ප්රමුඛ රජයටත් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු සමස්ත රටවැසියන්ටත් ආශිර්වාද පතා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද (07) අලුයම පිංකමක් පැවැත්වුනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පෙර රජ දවස සිට පැවතෙන චාරිත්‍රයක් අනුව 108 ක් වූ හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ සතර වාහල්කඩ කිරි උතුරවා එම කිරිපිඬු සහිත පූජාවන් ද රන් රිදී මුතු මැණික් සහ පළතුරු පූජාවන් පවත්වමින් මෙම ආශිර්වාද පූජාව සිදුකළා.
යුද්ධයේ දී මියගිය රණවිරුවන්ට සහ මියගිය සියලු රට වැසියන්ට පිං පමුණුවමින් විශේෂ ආගමික වතාවත් ද මෙහිදී සිදුකෙරුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අට පිරිකර පූජාකර ආශිර්වාද ලබාගත්තා. පූජ්‍ය කෑගල්ලේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් මෙහෙයවූ අතර පූජ්‍ය වළපනේ ශාසනරතන නාහිමියන් පුණ්‍යානුමෝදනාව සිදුකළා.