රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කදවුර උතුරු නැගෙනහිර ශිෂ්‍ය භටයින්ගේ මිත්‍රත්වය ඇති කරවන සංහිදියා තොටුපලක් බව එම පුහුණු කදවුරේ සේනා සංවිධායක ලුතිනන් කර්නල් එල් පී මෙන්ඩිස් මහතා පවසනවා.
රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කදවුරේ විසිරයාමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙවර පුහුණු කදවුරට පාසල් 74 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයින් විශාල පිරිසක් සහභාගි වුණා. එහි පුහුණුව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය භටයින් දෙදහසකට ආසන්න පිරිසක් මෙහිදි විසිර ගියා.
සේනා සංවිධායක ලුතිනන් කර්නල් එල් පී මෙන්ඩිස් – රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කදවුර,
[ot-video type=”youtube” url=”https://youtu.be/96lcXb6fz4U”]
මෙවැනි පුහුණු කදවුරු පාසල් සිසුන්ගේ පෞරෂත්ව වර්ධනය කෙරෙහි මනා පිටුවහලක් බවයි දෙමව්පියන් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7qCdNsIF7eY”]