සමන් වීරමන්ගේ නවතම තිර රචනයක් වූ ආකර්ෂා සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම්. සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම සිනමා අධ්‍යක්ෂණයක් ලෙසයි ආකර්ෂා ප්‍රේක්ෂක ඔබ වෙතට එන්නේ. නවක රංගන ශිල්පී යසස් රත්නායක සහ ඉන්දීය ජනප්‍රිය නිලි අන්චල් සිං මෙහි ප්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා.
චරිත් අබේසිංහ, දර්ෂන් ධර්මරාජ්, නිල්මිණි කොට්ටේගොඩ, මොරීන් චාරුණි ඇතුළු ප්‍රවීන, නවක රංගන ශිල්පීන් රැසක් ආකර්ෂා හි රංගනයෙන් සම්බන්ධ වන අතර, මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රභාත් රෝෂන් විසිනි. සම්මානනීය සංගීත අධ්යක්ෂ දර්ශන රුවන් දිසානායක විසින් මෙම සිනමාපටයට පුරා අපූරු සංගීත රටා මවමින් සංගීත අධ්‍යක්ෂණය සිදුකරයි. ආදරණීය කතා පුවතක් වටා ගෙතුණු ආකර්ෂා සිනමාපටයට ගීත රචනයෙන් දායකත්වය සපයන්නේ සම්මානනීය ගී පද රචක අමිල තේනුවර විසිනි.
වාර්ගික අර්බුද පසෙක ලා ඉස්මතු වූ දාරක ප්‍රේමය මෙම සිනමාපටය පුරාම දිගහැරෙයි. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමාපටයක් ලෙස නුදුරේ දී ම සිනමාශාලා වෙත එන ආකර්ෂා ඔබේ නෙත් සිත් ආකර්ෂණය කරගැනීමට සමත් වන බව නම් නොඅනුමානයි.
-ශානිකා රත්නායක-
[ot-video type=”youtube” url=”https://youtu.be/1CO6uZd6iz0?t=33″]