බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් හත් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය මස 14 වනදා ගාල්ල ධීවර වරායෙන් ඔවුන් මුහුදු ගොස් ඇති අතර, නැවත නොපැමිණීම සම්බන්ධයෙන් මීටියගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. අතුරුදන්ව ඇත්තේ හික්කඩුව තෙල්වත්ත සහ තොටගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඔවුන් මුහුදු ගිය දින සිට දින 15 ක් ගොඩබිම සමඟ සන්නිවේදන කටයුතු සිදු කර තිබෙනවා. ඉන් පසුව ධීවරයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය සදහන් කළා.

බහුදින යාත්‍රාවක් සමඟ ධීවරයින් හත් දෙනෙක් අතුරුදන්
කියවීමට මිනිත්තු 1