fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්ධමනය තනි අගයක ස්ථාවර කිරීම අපේ අරමුණයි

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:04

උද්ධමනය තනි අගයක ස්ථාවර කිරීම අපේ අරමුණයි

ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ ස්ථාවරව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුදල් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ තීරණයට එළඹි බවයි අද (06) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ.

(පසුගියදා රැස්වුණු මුදල් මණ්ඩලය තීරණය කළා ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යන්න. මුදල් මණ්ඩලයේ තීරණවලට අනුව මැදිකාලීනව උද්ධමනය තනි අගයක ස්ථාවර කිරීම අපේ අරමුණයි. එවිට රටේ ආර්ථිකය හිතකර ලෙස වර්ධනය වේවි. මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යන්න මුදල් මණ්ඩලය තීරණය කළා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පසු සේවක අර්ථ සාධක අරමුදලට කිසියම් පාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව ද ගණනය කර තිබෙනවා. අධිකරණමය හේතු නිසා ඒ පිළිබඳ ප්‍රකාශ කරන්න බැහැ. කෙසේ වුවත් අවශ්‍ය නීතිමය පියවර ගන්න අපි දැනටමත් කටයුතු කරලයි තියෙන්නේ. ඒ වගේම රුපියල ස්ථාවර වීම පිළිබඳ අපට නිවැරදිව ප්‍රකාශ කරන්න තවමත් බැහැ. විවිධ හේතු මත රුපියලේ අගය වෙනස් විය හැකියි. එය ස්වාභාවික සිද්ධියක්.)

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්