fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ජගත් පුරවර සමුළුව”ට අගමැති සිංගප්පූරුවට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:18

”ජගත් පුරවර සමුළුව”ට අගමැති සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා අනිද්දා(08) පිටත්ව යාමට නියමිතයි. ඒ  එරට පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සඳහායි.  ජගත් පුරවර සමුළුවට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලුං  නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය ගෝ චොක් ටොන් යන මහත්වරුන් ඇතුලු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. ලබන 9 වනදා ජගත් පුරවර සමුළුවේ සමාරම්භක සැසියේදී නාගරික සංවර්ධනය හා පරිසරය සුරැකීම මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටයි. නවෝත්පාදන හා සහයෝගීතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම යන්න මෙවර සමුළුවේ තේමාවයි.

මනා පරිපාලනය හා සැලසුම්කරණය, තාක්‍ෂණය හා සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර හා කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත් වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති.  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්