fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018ට විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:24

2018ට විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක්

ස්විඩිෂ් ඇකඩමිය මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අවලංගු කිරීමෙන් පසුව ස්වීඩනයේ සාහිත්‍ය කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රබලයින් පිරිසක් එක්ව නව ඇකඩමියක් පිහිටුවා ගෙන තිබෙනවා. එමගින් මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී විකල්ප නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙනවා.

නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජිකවක වූ කැටරිනා ෆොස්ටෙන්සන් නමැති ලේඛිකාවගේ සැමියා වන ජීන්-ක්ලෝඞ් ආර්නෝල්ට් වෙත ලිංගික අපචාර චෝදනා එල්ලවීම මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම කළ නොහැකි බව ප්‍රකාශයට පත්වීමත් සමඟම එයට විරෝධය පෑම සඳහායි මෙවැනි විකල්ප නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට නව ඇකඩමිය තීරණය කර තිබෙන්නේ.

ස්වීඩනයේ ලේඛක ලේඛිකාවන්, විචාරකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහයෝගය පළ කර තිබෙන බව සඳහන්.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 20:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්