fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන කලින් මිලටම

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 18:44

ඉන්ධන කලින් මිලටම

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කළ මිලට නොව පැරණි මිලට ඉන්ධන අලෙවි කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා තිබෙනවා. එසේම දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වල ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව ද එම සංස්ථාව සඳහන් කරනවා. ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන පිරවුම්හල් ඇත්නම් ඒ පිළිබඳ වහාම පැමිණිලි කරන ලෙසයි සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගැටලුවක් ඇති නොවන පරිදි ඉන්ධන බෙදා හැරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. පාරිභෝගිකයින්ට ඉන්ධන නිකුත් කිරීම සදහා සියලුම ඉන්ධන පිරවුම්හල් සේවකයින් දැනුවත් කළ බව ද සංස්ථාව පවසනවා. කිසියම් පිරවුම් හලක් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබද 0115 455 130 දුරකතන අංකයට වහාම පැමිණිලි කළ හැකියි. එම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා. ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අයිටිඑන් ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන,

පා.ම මුජිබුර් රහුමාන්,

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්