අධ්‍යාපනයේ දී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක්වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් සමඟ අද (06) පැවති හමුවකදීයි.
සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් සමඟ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ පැවැත්වුණේ නෙළුම් පොකුණ රගහලේ දීයි. ඊට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජේ ජේ රණසිංහ මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබද උද්ගත වූ ගැටලුව විසදීමට මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළේ අධ්‍යාපනයේ දී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බවයි.
විවිධ දේශපාලන හස්ත මෙම ගැටලුව පිටුපස සිට දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ ද සියලු දරුවන්ගේ අනාගතය පිළිබද නිසි අවධානය යොමු කරමින් මෙම ගටැලුවට විසදුම් ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.
ජනාධිපතිතුමා,
[ot-video type=”youtube” url=”https://youtu.be/34vUTHwL5Vs”]
අමාත්‍ය විජේදාස රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/DBoI-tT2wWg”]