fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදාපති හා ජාතික ක්‍රීඩා සංගම් අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 15:28

යුද හමුදාපති හා ජාතික ක්‍රීඩා සංගම් අතර සාකච්ඡාවක්

ජාතික තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හා ජාතික ක්‍රීඩා සංගම් අතර සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා පත්වීමෙන් අනතුරුව ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමග පැවති පළමු සාකච්ඡාව මෙයයි. එහිදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි කරවන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සාකච්ඡාවී තිබෙනවා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනාගැනීමට සමත්වුණා. මේ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙල මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ පදක්කම් බලාපොරොත්තු වියහැකි තරගාවලියක් වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 15:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්