පසුගිය මාස හයක කාලය තුළ රේගුව සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 724ක ආදායමක් උපයාගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස මෙරටින් ගෙනයාමට තැත්කළ සහ මෙරටට රැගෙන ආ රත්රන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් ද සිදුකර තිබෙනවා. රත්රන් සම්බන්ධ සිදුකළ වැටලීම්වලදී පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 400 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි රේගු අධිකාරී සදහන් කළේ.