ජපානයේ ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ ඕම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරාට ජපානය අද මරණ දඩුවම නියම කළා.
1995 වසරේ ඔහුගේ කල්ලිය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. අසහාරාගේ කල්ලියේ තවත් සාමාජිකයින් හය දෙනෙකුට ඉදිරියේදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ෂෝකෝ අසහාරාට එරෙහිව අද උදෑසන මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ජපාන අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් සහතික කළා.