අයහපත් කාලගුණයෙන් ජපානයේ ප්රදේශ ගණනාවකට බලපෑම් එල්ලවී තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. තද සුළං සමඟ වැසි ඉදිරි පැය කිහිපයේ දි ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අනවා තිබෙනවා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සහන සේවා වලට බාධා මතුව ඇති බවයි ජපන් බලධාරින් පවසන්නෙ.