වැල්ලවාය – මදුරගල රක්ෂිතයේ ඇතිවු ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී තිබෙනවා. මේ වන විටත් ගින්න පැතිරෙමින් පවතින බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දීමකට අනුව යුධ හමුදා කන්ඩායමක් එම ප්රදේශයට යොමුකර තිබෙනවා. එභෙත් පවතින සුළං තත්ත්වය සහ වියළි කාලගුණය ගින්න නිවිමට බාධාවක් බවයි වාර්තා වන්නෙ.